කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර ඊයේ දින පාර්ලිමේන්තුවේ දී හදිසියේ
අසනීප වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබිණි.
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේදී ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා දී ඇති බවත්ය.
විසිවන සංශෝධනය සම්මතකර ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 150කගේ සහය අනිවාර්ය වේ.
කතානායකවරයට ඡන්දය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් තුල මේවනවිට ආණ්ඩුවට හිමිව ඇත්තේ මන්ත්‍රීවරුන් 149කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...