ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනෙකු තනතුරු වලින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යධුර 6ක් සදහා වැඩබලන කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම අද (12) දින සවස 5.00ට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම කැබිනට් අමාත්‍යධුර 6න් දෙකක වැඩ බැලීම සදහා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කිරීමට නියමිතව ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
මලික් සමරවික්‍රම, කබීර් හෂිම්, අමාත්‍යවරුන්ට මේ සදහා අවස්ථාව හිමි වීමට ඉඩ ඇති බවද වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 04 දෙනෙකුට අනෙක් කැබිනට් අමාත්‍යධුර 04හි වැඩ බැලීමට පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එම 04 දෙනා සදහා මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජිතමුනි ද සොයිසා, නිමල් සිරිපාලද සිල්වා, ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරුන්ගේ නම් කියවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...