දේශීය පුවත්

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ අනතුරු අඟවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ සමාජයෙන් ආසාදිතයින් හමුවෙන බැවින් එය බරපතළ තත්ත්වයක් බවය.

ලංකාවේ දිස්ත්‍රික්ක 21කට වැඩි ගණනකින් ආසාදිතයින් හමුවන බැවින් උප පොකුරු ගණනාවක් රට පුරා නිර්මාණය වී ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ පොකුරත් සමග එම උප පොකුරුවල සම්බන්ධතාවයක් ඇති බවට සොයා ගත්තද ඇතැම් අවස්ථාවල එවැනි තත්ත්වයක් සොයා ගත නොහැකි බවද වෛද්‍යවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“ලංකාවේ දිස්ත්‍රික්ක 21කට වැඩි ගණනක කොවිඩ් – 19 රෝගීන් වාර්තාවන තත්ත්වයක් තමා උද්ගතවෙලා තියෙන්නේ. උප පොකුරු ගණනාවක් රට පුරා විවිධ ප්‍රදේශවලින් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ පොකුරු බොහෝමයක් තාමත් අපට යම් සම්බන්ධතාවයක් මිනුවන්ගොඩ පොකුරත් සමඟ හොයාගන්න පුළුවන්වෙලා තියෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අපට බැලු බැල්මට මේ රෝගී පොකුරු අතර එකිනෙක සම්බන්ධතාවයක් පෙන්නේ නෑ. එක තමයි මේ රෝගයේ ස්වභාවය. සමාජයෙන් තමයි රෝගීන් හමුවෙන්නේ. ඒ නිසා මේක බරපතල තත්ත්වයක්. සමාජය තුළින් රෝගීන් හමුවෙමින් තියෙනවා. සමාජ ව්‍යාප්තියක් කරා ගමන් කරන්න තියෙන ඉඩකඩ වෙන කවරදාටත් වඩා වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපි සමාජ ව්‍යාප්තියක් අභියසට පැමිණ සිටිනවා කිව්වොත් යම් කෙනෙක් ඒක මං හිතන්නේ වඩා වලංගු තර්කය වෙනවා. මේ මොහොතේ දී රට වැසීම නොවේ සිදුවිය යුත්තේ, ප්‍රදේශ සම්බන්ධයෙන් හරි තීන්දු තීරණ ගන්න එක තමයි විය යුත්තේ.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More