මධුෂ්ගේ මිය යෑම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.
පොලිස් අපරාධ ඉතිහාස ලේඛනවල මධුෂ් නැමැති නම ප්‍රථමයෙන්ම සටහන් කළේ තමා බවත් මීගමුව, ගාල්ල, ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල සිදුකළ ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් දහයක් සම්බන්ධයෙන් 2006 වසරේ වාරියපොල ප්‍රදේශයේ දී ප්‍රථම වරට මධුෂ්ව අත්අඩංගුවට ගත්තේද තමා බවත් එහි සටහන් කර තිබුණි.
මේ වනවිට ලැබී තිබෙන තොරතුරු අනුව මධූෂ්ට තරු තුනේ හෝටලයක් සහ වාහන අංගනයක්ද ඩුබායි රාජ්‍යයේ තිබුණත් බෞද්ධ දර්ශනයේ සඳහන් වන පරිදි “දිට්ඨධම්ම වේදනීය කර්මය ” මධුෂ්ට ඵල දී ඇති බව එහි දැක්වේ.
මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පැළඳි රජුන් ලෙස සිටි “එස්. එෆ් ලොක්කා” සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත නොවූ පසුබිමක අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණි.
සම්පූර්ණ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.
"මදුෂ් "මාකඳුරේ මධුෂ් ගැන මම මුහුණු පොතට එකතු කරන දෙවන සහ අවසන් සටහනත් මේකයි (මුල් සටහන 2019 පෙබරවාරි එකොළොස් වැනිදා…
Gepostet von Priyantha Jayakody am Dienstag, 20. Oktober 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...