දේශීය පුවත්

පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කළේ, මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවය.

පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා කියා අධිකරණය හමුවේ කියා තිබුණේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස 14 වන දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත මාස හයක කාලයක් රඳවා තබා පරීක්ෂණ සිදුකළ බවය.

අදාළ කාලසීමාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් තමන්ට හිමි නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිනුම්, තම ජංගම දුරකථන, පරිගණක යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බව පෙන්වා දෙන රියාජ් බදියුදීන් මහතා එහිදී තමාට එරෙහිව කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් තමන්ව අත්අඩංගුවෙන් මුදාහැරීමට එම දෙපාර්තමේන්තුව ක්‍රියා කළ බවද පවසයි.

එසේ තිබියදීත් දේශපාලන හේතූන් මත තමන්ව යළි අත්අඩංගුවට ගන්නා ලෙස විවිධ පාර්ශව විසින් බලපෑම් එල්ල කරමින් සිටින බව පෙන්වාදෙන පෙත්සම්කරු මේ හේතුවෙන් තමාව යළි අත්අඩංගුවට ගත හැකි බවට සාධාරණ බියක් මතුව තිබෙන බව පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More