දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටුව පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබේ.‍

විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද (21) පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

කොරෝනා වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා එහි සෙසු නිලධාරින් නිරෝධායනයට යොමුකිරීමට පියවර ගැනුණි.

කෙසේවෙතත් විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර ඇති අතර ජනතාවට එම පොලිස් ස්ථානයෙන් සේවා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
————————————————————-
කොටුව පොලීසියේ 48ක් නිරෝධායනයට – පොලීසිය තාවකාලිකව වැසෙයි

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

කොටුව පොලීසියේ සියලු පොලිස් නිලධාරීන් මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More