දේශීය පුවත්

ශ්‍රී ලාංකික ක්‍රිකට් තරුවක් වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අළලා නිමවීමට සූදානම් කර “800” නමින් නම් කොට තිබූ චිත්‍රපටියේ මුරලිගේ චරිතය රඟ පෑමට තෝරාගෙන සිටි විජේ සේතුපති නම් රංඟන ශිල්පියා පසුගියදා එල්ල වූ තර්ජන හේතුවෙන් එම චිත්‍රපටියේ කටයුතු වලින් ඉවත් විය.

එසේ වුවද ඔහුගේ දියණිය දූෂණයට ලක් කරන බවට සමාජ ජාලා ඔස්සේ තර්ජන ගලා එමින් පවතින බව චෙන්නායි පොලිසියට පැමිණිලි කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. විවිධ කලා කරුවෝ ක්‍රීඩකයෝ මෙන්ම වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයෝ විජේ සේතුපායි නම් රංඟන ශිල්පියාගේ දියණියට එරෙහිව කර ඇති ම්ලේච්ඡ තර්ජනය පිළිබඳ අදහස් දක්වා තිබේ.

තර්ජනය කරන අයගේ තර්කය වන්නේ ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ දෙමළ කාන්තාවන් ඝාතනය කිරීමේදි එම කාන්තාවන් ලද වේදනාව ඔවුන්ට අනුකම්පාව දක්වන්නවුන්ට දැනෙන්නේ ඔවුන්ගේ ළඟම ඥාතීන්ද දූෂණයට ලක්වූ විට පමණක් බවයි. මේ සම්බන්ධව අදහස් දක්වන ඉන්දියානු සමාජ ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන්නේ මෙසේ දූෂණ තර්ජනයට ලක්වුනු එකම ප්‍රභූ වරයාගේ දියණිය විජේ සේතුපතිගේ දියණිය පමණක් නොවන බවයි.

මීට පෙර පසුගිය සැප්තැම්බරයේ දී අයි පී එල් තරඟාවලියේදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමඟ එක්වූ මහේන්ද්‍ර සිං දෝනිගේ දියණියවද දූෂණයකරන බවට තර්ජන එල්ල වූ බවට පැමිණිළි ලැබී තිබුණු බව ඉන්දීය පොලීසිය පවසා සිටියේය. මේ සම්බණ්ධව අදහස් දක්වන සමාජ ක්‍රියාකාරිකයින් පවසා සිටින්නේ මෙවැනි තර්ජන මගින් ඉන්දියානු ජන සමාජය ඉන්නා තත්වය ලෝකය ඉදිරියේ විද්‍යාමාන වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More