දේශීය පුවත්

වෙඩි වැදී මියගිය “සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත” හෙවත් මාකඳුරේ මධුෂ් ජාත්‍යන්තරයේ සිට මෙරට හෙරෝයින් ජාවාරම මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ආධාර අනුබල දීම,අවි පෙන්නා කොල්ලකෑම වැනි අපරාධ බොහෝමයකට සම්බන්ධ මෙරට ඉතිහාසයේ බිහිවූ දරුණුතම පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙයි.

මධූෂ් අපරාධ කල්ලි නායකයෙකු ලෙස කරලියට පැමිණෙන්නේ 2006 වසරේ ජූනි මස 11 වැනිදා ය.

ඒ, එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි ඩැනී හිත්තැටිය මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමගය.

එතැන් සිට මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 50ක් පමණ සම්බන්ධයෙන් සෘජුව සහ වක්‍රව ඔහුට චෝදනා එල්ල වූ අතර 2017 වසරේදී තවත් පාතාල කල්ලි නායකයෙකු වන සමයං ඇතුළු පිරිසක් කළුතර බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීම ද මාකඳුරේ මධුෂ්ගේ සැලැස්මක් ලෙස හඳුන්වා දුනි.

එසේම, 2017 වසරේ මැයි මස 09 වැනිදා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිද්ධියද සැලසුම් කර තිබුණේ මාකඳුරේ මධූෂ් විසින් බවයි සැක කෙරෙන්නේ.

ඒ අතර, 2018 මාර්තු 07 වැනිදා අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් ”කොස් මල්ලී” නැමැත්තා ඝාතනය කිරීම සහ හිස කඳින් වෙන් කර කෙසෙල්වත්ත පොලිස් වසමට ගෙනැවිත් දැමීම මෙහෙයවීම ද මධුෂ් විසින් සිදුකර ඇති බවට වාර්තා විය.

මෙලෙස අපරාධ රැසකට සම්බන්ධ මාකඳුරේ මධුෂ් 2015 ජුනි මස දෙවැනිදා ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඩුබායි වෙත පැන ගොස් තිබුණි.

ඉන් පසු ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පත්වූයේ එරට තුළ සුඛොපභෝගී මහල් නිවාස සහ දේපළ රැසක් අත්පත් කරගනිමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More