දේශීය පුවත්

ගම සමඟ පිළිසඳර දෙවන වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් උපදෙස්වලට අනුව මාතලේ, විල්ගමුව, හිඹියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ඔක්තෝම්බර් 2 වනදා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ ගැඹුරුඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල සහ හිඹියාකඩ ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ජනතාව හමුවෙමින් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ අත්‍යවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසය.

ඒ අනුව හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට නව පන්ති කාමර ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ඉදි කිරීම මෙන්ම ක්‍රීඩා පිටිය සැකසීම මේ වන විටත් යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුවෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි – කියුන් සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. අධ්‍යාපන, සංචාරක හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර එහිදී සංවාදයට ලක් වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More