දේශීය පුවත්

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් අද (20) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත් විය.

ඒ, තවත් අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් සහ පොලීසිය අතර මාළිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවකදිය.

මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වි තිබූ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් කලක සිට විදෙස් ගතව සැඟව සිටියේය.

2019 වසරේ පෙබරවාරි මාසයේ දි ඩුබායි හි පැවති සාදයක් අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ සන්තකයේ තබාගැනීම චෝදනා යටතේ මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

පසුව ඩුබායි රාජ්‍යයෙන් මධුෂ් ව 2019 මැයි මස 05 වනදා මෙරටට පිටුවහල් කරනු ලැබීය.

වර්ණකුලසූරිය අජිත් අරංග යන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගෙන මෙරටට පැමිණි මධුෂ් වෙනත් රටකට පළායාමට සැලසුම් කර තිබියදී කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

වසර 1 1/2 ආසන්න කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ මාකඳුරේ මධුෂ්, පසුගිය 16 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට පත්කෙරුනි.

එහිදී පැය 24ක් ගතව යාමටත් මත්තෙන් කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වුවේ  මධුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිළුලයක් ලෙසය.

මෙහිදී මාකඳුරේ මධුෂ් CCD නිලධාරීන්ට පවසා ඇත්තේ මෙරටට කුඩු ගෙන්වන ජාලයේ ප්‍රධාන පුද්ගලයින් සිව්දෙනෙක් ඇති බවත් එම ජාලය අනාවරණය කිරීම සදහා තමාට ජංගම දුරකථනයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව, පොලිස් නිලධාරින්ගේ දැඩි අධීක්ෂණය යටතේ මධුෂ්ට ජංගම දුරකථනයක් ලබාදුන් අතර පොලිස් නිලධාරීන් ඉදිරියේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දුරකථන ඇමතුමක් දී තිබුණි.

මෙම තොරතුර අනුව මත්ද්‍රව්‍ය තොගය සඟවා ඇත්තේ මාළිගාවත්ත “ලක්සෙත සෙවණ” නිවාස සංකිර්ණයේ 10 වන මහලේ කංජිපානි ඉම්රාන්ට අයත් නිවසක බව එහිදී මධුෂ් පවසා ඇත.

ඉකුත් මැයි 30වැනිදා එම නිවසේ රැදී සිටි රවුෆ් නැමැති පාතාල කල්ලි සාමාජිකයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් මෙම තොරතුර තහවුරු කරගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 4දෙනෙක් ඊයේ පස්වරුවේ රහසිගතව අදාළ නිවසට ගොස් පරික්ෂා කර තිබේ.

එම අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් නොසිටි නිසා පොලිස් නිලධාරින් නිවසේ ජනේලයකින් ඇතුළු වී කළ පරීක්ෂාකිරීමේදී මත්ද්‍රව්‍ය තොගය එහි ගබඩා කර තිබුණි.

ඒ අනුව, ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ එහි සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ද ඇතුළු නිලධාරීන් 17 දෙනෙකු අද අලුයම තුනට පමණ මාළිගාවත්ත නිවාස සංකිර්ණය අසලට ගොස් ඇත්තේ මාකදුරේ මධූෂ්වත් රැගෙනය.

නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටු 2ක අසල නිලධාරීන් පිරිස් රඳවා CCD ස්ථානාධිපතිවරයා ,මධුෂ්වත් රැගෙන තවත් නිලධාරීන් 6දෙනෙකු සමග පියගැට පෙළෙන් නිවස සංකීර්ණයට ඇතුළු වී තිබුණි.

එහි පළමු මහලට පිවිසෙනවාත් සමගම දෙවැනි මහලේ ගිනි අවි දෙකක් අතැතිව රැඳීසිටි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා තිබේ.

ඉන් එක් වෙඩි පහරක් මාකඳුරේ මධුෂ්ගේ හිසට වැදී ඇති අතර එහි සිටි තවත් පොලිස් නිලධාරීයෙකුගේ පාදයකට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

එම අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද සැකකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාත් වෙඩි තබමින් පහළට බැස ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පළා යෑමට තැත් කර තිබේ.

එම අවස්ථාවේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව සැකකරුවන් දෙදෙනා බිම ඇද වැටී ඇති බව පොලීසිය සදහන් කළේය.

එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෑමට උත්සහ කරද්දී සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

එය පිපිරීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුට සුළු තුවාල සිදුවිය.

එහිදී සැකකරුවන් දෙදෙනා යතුරු පැදියද අතහැර පළා ගොස් තිබුණු බව පොලිසිය සදහන් කළේය. එම යතුරු පැදිය අසල මාර්ගයේ පෙරළී තිබෙණු දැකිය හැකි විය.

වෙඩික්කරුවන් පැමිණ පසුව අතහැර දමා ගිය යතුරු පැදිය ඔවුන් පසුගියදා සොරකම් කර තිබුණේ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේදීය.

මේ අතර, වෙඩි වැදුණු මාකඳුරේ මධුෂ්ව අලුයම 3.17ට පමණ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය බවත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තා විය.

මීට අමතරව, මෙම මෙහෙයුම අතරතුර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරු දෙදෙනාද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර, එම සිද්ධියෙන් පසු මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිදුකළ සෝදිසියේ දි අදාළ නිවසේ සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 22 ක් සොයාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

එම මත්ද්‍රව්‍ය තොගය මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීම සදහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙනු එනු ලැබීය.

අද පෙරවරුවේ එහි පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරංජලා ද සිල්වා මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය.

ඉන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය මධුෂ්ගේ මළ සිරුර තැන්පත් කර තිබූ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයට පැමිණියාය.

එම අවස්ථාවට මධුෂ්ගේ පළමු බිරිඳ සහ අනියම් බිරිඳ ද පැමිණ සිටි බව සදහන් ය.

ඉන්පසු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ මාකඳුරේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ ට ලබාදෙන ලෙසය.

ඔහුගේ දේහය අද පස්වරුවේ මහරගම පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙනු එනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More