උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මුලතිව් දිස්ත්‍රීක්කයේ සිංහල ගම්මාන හා බෞද්ද සිද්ධස්ථාන වෙත සංචාරයක නිරත වී ඇත.
මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරික්ෂාවකට අනතුරුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂාවකට හා අවසානයේදී කෝකිලායි සම්බෝධි විහාරයටද ගිය උතුරු පලාත් සභා මන්ත්‍රීවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳව විමසා ඇත.
මෙම සංචාරයට උතුරු පලාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවිකරන් , ජී.ටී.ලිංගනාදන් ඇතුලු පිරිසක් සහභාගී වූහ
එහිදී කෝකිලායි සම්බෝධී විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් හමු වී සම්බෝධි විහාරය ඉඩම හිමි කාරීත්වය විමසා ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් පිරිස කියා ඇත්තෙ එම ඉඩම අයිති පුද්ගලයා දෙමළ වැසියෙකු බවටයි.
එහිදී ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ තමන්ට මෙම ඉඩම නීත්‍යානුකූලව මැරටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුනු බවටත් ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව මීට පෙර මුලතිව් අධිකරණයේ නඩුවක්ද ගොනුකොට තිබුනත් පසුකාලීනව එම නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බැවින් තමන් දෛනිකව පන්සලේ සහ සිංහල දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සිටින බවටයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...