දේශීය පුවත්

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටී, පසුගිය සැප්තැම්බර් 20වනදා ජීවිත 3ක් අහිමි කරමින් කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම අද (20) ආරම්භ කර තිබේ.

ආපදා කළමනාකර රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ මහනුවර මහනගර සභාව එක්ව මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

මේ සඳහා රුපියල් ලක්ෂ 28ක මුදලක් වැය වන බවත් එම මුදල ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් වැය කර අධිකරණ කටයුතුවලින් පසුව එම මුදල නිවසේ හිමිකරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දීක රණවීර මහතා පැවසීය.

පොලිස් ආරක්ෂාව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිරීක්ෂණය යටතේ මෙම කටයුතු කරන බව අප වාර්තාකරු පැවසීය.

සුන්බුන් ඉවත් කිරීම සඳහා සති 2ක් වැනි කාලයක් ගතවන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දීක රණවීර මහතා පැවසීය.

එම ගොඩනැගිල්ල සෑදීමට ගෙන ඇති අමුද්‍රව්‍යවල සාම්පල ලබාගැනීමට තිබෙන බැවින් එවැනි කාලයක් ගතවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටා තිබු මෙම පස්මහල් ගොඩනැගිල්ල ඒ ආසන්නයේ තිබු තවත් නිවසක් වෙතට කඩාවැටීම හෙතුවෙන් එහි සිටි අඹුසැමි යුවළකට සහ ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳියට දිවි අහිමි විය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට පෙර සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වුයේ මෙම ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බැවින් එය කඩා වැටී ඇති බවය.

ඒ අනුව, නිවසේ හිමිකරු හිටපු බස්නායක නිළමේවරයෙකු වු අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව ඔක්තොම්බර් මස 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More