දේශීය පුවත්

උතුරු පළාත් සභාවේ මීළඟ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා වත්මන් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර තරගයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසුකච්චි මඟින් යළි සී.වී. විග්නේශ්වරන් මහතාට ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකත්වය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකත්වයට එම්.ඒ. සුමන්තිරන් මහතාට තරග වදින ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා විසින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මේ ඉල්ලීමට සුමන්තිරන් මහතා යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙන බව එම පක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග කියයි.

මේ අතර තමන්ට ඉලංකෙයි තමිල් අරසුකච්චිවලින් උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂකත්වය මීළඟ පළාත් සභා මැතිවරණය සඳහා නොලැබෙන්නේ නම් වෙනම නව බලවේගයකින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තරග කරන බව විග්නේශ්වරන් මහතා පවසයි.

ඒ සඳහා ආනන්ද සංගරී, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් සමඟ තමා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කොට තිබේ.

මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා 10 වැනිදා තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක් ආරම්භ කළ අතර දින 20ක කාලයක් ඔහු ඉන්දියාවේ ගත කිරීමට නියමිතයි.

තමාගේ නව දේශපාලන ව්‍යාපාරය හා ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමිල්නාඩුවේ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කිරීමටද විග්නේශ්වරන් මහතා බලාපොරොත්තු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More