Uncategorized

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිනිවලට ලබා දුන් ඉහළම බදු සහනය වන කි.ග්‍රෑම් 1 කට රු. 55 ක් බදු සහනය ලබා දී ඇත්තේ මහා පරිමාණ සීනි සහ ෆාම් තෙල්, පොල් තෙල් ආනයන කරුවෙකුගේ උවමනාව මත භාණ්ඩාගාර නිලධාරීන් පිරිසකගේ එකඟතාවයෙන් බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වේ.

චෝදනාවට ලක්ව සිටින සමාගම බදු සහනය ලබා දෙන විට සීනි මෙ.ටො 8000 ක් රේගු පාලනයට යටත් ගුදම් වල ගබඩා කොට ගෙන සිටින බවත් බදු සහනය ලබා දුන් විගස එම සහන යටතේ සත 25 ක බද්දක් පමණක් ගෙවා ඒවා නිදහස්කර ගත් බව අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර මහතා පවසයි.

එම කූඨ බදු වංචාව මඟින් එම සමාගමට ලැබෙන අමතර ලාභය රු. මිලියන 440 කි. බදු ගෙවා ආනයනය කළ සීනි තොග රට තුළ තිබෙන බැවින් බදු සහනය මහජනයාට ලබාදිය නොහැකි බව ආනයන කරුවන්ගේ සංගමය පවසයි.

ඉන්දියාවේ සීනි මෙ.ටො මිලියන 6 ක අතිරික්ත නිෂ්පාදනයක් තිබෙන තත්වයක් යටතේ මෙම බදු සහනය ලබා දෙන්නේ දූෂිත අරමුණකින් බව ඔවුහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More