දේශීය පුවත්

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ්ඩල රැස්වීමේදී එකඟතාවය ඇතිකරගත් බව සමහර අමාත්‍යයවරුන් සහ සමහර මාධ්‍යයවේදීන් මාධ්‍යය වලට අදහස් දක්වා තිබුණි. මේ සම්බන්ධව සමාජ මත විමසුමකට ලක් කළ ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය සමාජ ක්‍රියාකාරිකයන් ගෙන් අදහස් විමසන ලදී. එහිදී අප වෙත දීර්ඝ විග්‍රහයක් කිරීමට ජාතික සංවිධාන එකමුතුවේ නියොජිතයෝ කටයුතු කළහ. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා,

” නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන වලට අමතරව තවදුරටත් සංශෝධන සිදුකිරීමට ජනාධිපති තුමා එකඟ වූ බවට විවිධ පාර්ශව කරණු ලබන ප්‍රකාශ මහජනයාට සෘජුවම පිළිගත නොහැකියි. ඊට හේතුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ආණ්ඩුව විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශ කරමින් තමාට උවමනා දේ කිරීම සඳහා දැඩි උත්සාහයක ඉන්නා බව ඉතා පැහැදිළිව මහජනයාට පෙන්වා සිටියා. ඒ නිසා එසේ සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට පැහැදිලි අවංක වුවමනාවක් තිබේ නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් සෘජුවම මහජනයා වෙත පොරොන්දු විය යුතුයි. එතැනින් නොනැවතී අදාල සංශෝධන අංග සම්පූර්ණ ලෙස හෙවත් වගන්ති ලෙස ලිඛිතව මහජනයා ඉදිරියේ තැබිය යුතුයි. පාර්ලිමේන්තු කාරකසභා අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 225 දෙනා වාචිකව ප්‍රකාශ කරන දේට වඩා මහජනයාට ලබාදෙන ලියවිල්ල කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය හැකියි.” යනුවෙන් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යය වසන්ත බංඩාර මහතා, ඉහත කරුණු වලට අමතරව තවත් කොන්දේසි කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කර සිටියේය. ඒවානම්,

1) දැනටමත් බලාත්මක විගණන පනත බලාත්මක කිරීමට ව්‍යාජ යෝජනා ගෙන එනවා වෙනුවට පවතින ව්‍යවස්ථාවේ 154(1) සහ 154(2) වගන්ති සංශෝධනය නොකරන බවට පැහැදැලිව ප්‍රකාශ කළ යුතුයි.

2)ජාතික ආරක්ෂාවට අදාළ හදිසි පනත් සම්මත කිරීමට අවශ්‍යය ප්‍රතිපාදන මුවාවෙන් එන ඉතා භයානක සංශෝධනය ඉවත් කර ගත යුතුමයි. මක් නිසාද යත් ජාතික ආරක්ෂාව තර කරන මෙන්ම ජාතික ආරක්ෂාව දියාරු කරන පනත් ද මෙම ප්‍රතිපාදන යටතට වැටෙන ඒවා වන නිසායි. සුනාමිය පැමිණි මොහොතේ හෝ කොවිඩ් වසංගතය පැමිණි මොහොතේ එවැනි පනතක වුවමනාවක් මතු වූයේ නැහැ. එසේම ජාත්‍යයන්තර ගිවිසුම් වලට අදාල පනත් වැටෙන්නේද ජාතික ආරක්ෂාවට අදාළ හදිසි පනත් යටතටමයි. ඒ අනුව එම් සී සී වැනි භයානක ජාත්‍යයන්තර ගිවිසුම් ජාතික ආරක්ෂාවට අදාළ හදිසි පනතක් ලෙස ගෙන ඒමට අනවශ්‍යය අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මෙම සංශෝධනය ඉවත් කර ගත යුතුමයි.

3)ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ බාධකය මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට පමණක් නොවෙයි නීතිපති,මහබැංකුවේ අධිපති,පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු තානාපතිවරුන්ටද පැණ වියයුතුයි.

4) අමාත්‍යය මණ්ඩලය 30කට සීමාකිරීම අදාළ වන්නේ නැහැ. නමුත් අමාත්‍යය මණ්ඩලය 30 සීමාව ඉවත් කර මහජන මතය සමනය කිරීමට නැවත පැණවීම අගය කළ යුත්තක් නොවේ.

5) 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරන අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදු කළ බලහත්කාරය අලි සබ්‍රි මහතා මගින් සිදු කිරීමට යමෙකුට අදහසක් තිබේනම් එම අදහස ඉවත් කර ගැනීමද ආණ්ඩුවේ පැවැත්මට ඉතා යහපත් වනු ඇත.

යන කරුණු පහයි.

මෙහිදී ජාතික සංවිධාන වල මතය සංක්ෂිප්තව දක්වන ලෙස ඉල්ලූ අවස්ථාවේදී වසන්ත බංඩාර මහතා ” ඉහත කොන්දේසි ඉටු නොවන්නේ නම් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන පරාජය කළ යුතු බව අපගේ පිළිගැනීමයි. එසේ නොමැතිව ආණ්ඩුව තුළ සිටින 20 වන සංශෝධනය විරෝධී ජාතික බලවේගය ආණ්ඩුව විසින් කපන බොරු වලට වැටුනොත් ඔවුන් සියළු දෙනා දේශපාලන අනාතයින් වන බවට ජාතික සංවිධාන එකමුතුවට නම් කිසිදු සැකයක් නැත” යනුවෙන් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More