ප‍්‍රධාන පුවත්

ඉතිහාසයේ ප්‍රථම වතාවට දැවැන්ත අමෙරිකානු ආර්ථිකය පසු කරයාමට චීනය සමත්ව ඇති බව ජාත්‍යන්තර මුල්‍යය අරමුදල පවසා සිටී. ජාත්‍යන්තර මුල්‍යය අරමුදල විසින් 2020 වර්ෂයට අදාල තම ආර්ථික විශ්ලේෂණ වාර්තාව එළි දක්වමින් චීන ආර්ථිකයේ වත්මන් තත්වය ලෝකයට අනාවරණය කර ඇත.ජාත්‍යන්තර මුල්‍යය අරමුදල මෙතෙක් කලක් අනුගමනය කල වෙළෙඳ පොල විනිමය හුවමාරු අගය(Market Exchange Rates-MER) මත දළ දේශීය නිෂ්පාදනයේ අගයන් නිර්ණය කිරීම වෙනුවට මිළදී ගැනීමේ සාම්‍යය (Purchasing Power Parity -PPP) නම් ක්‍රමවේදය මගින් රාජ්‍යයන්හි ආර්ථික තත්වයන් විශ්ලේෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ ආර්ථිකයේ ප්‍රමාණාත්මක අගය ඩොලර් ට්‍රිලියන 24.2ක් ලෙස ගනනය වී ඇති අතර අමෙරිකානු ආර්ථිකයේ ප්‍රමානාත්මක අගය ඩොලර් ට්‍රිලියන 20.8ක් ලෙස සනිටුහන් වී ඇත. එනම් චීන ආර්ථිකය 2020 වර්ෂයේදී ප්‍රමානාත්මකව අමෙරිකානු ආර්ථිකයට වඩා  ඩොලර් ට්‍රිලියන 3.4කින්   ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර මුල්‍යය අරමුදල භාවිතා කළ මිළදී ගැනීමේ සාම්‍යය (Purchasing Power Parity -PPP) නම් ක්‍රමවේදය මගින් කෙනෙකු සතු දේශීය මුදලින් විදෙස් වෙළෙඳ පොලකින් කොතරම් භාන්ඩ හා සේවා මිළදී ගත හැකිදැයි කියා ගනනය කරනු ලබයි.ආර්ථික විශේෂඥයන් විසින් මෙතෙක් භාවිතා කළ වෙළෙඳ පොල විනිමය හුවමාරු අගය( Market Exchange Rates-MER ) මත දළ දේශීය නිෂ්පාදනයේ අගයන් නිර්ණය කිරීම යල් පැන ගිය ක්‍රමයක් ලෙස සැලකේ. එමගින් රටක ආර්ථිකයක සැබෑ තත්වය අවබෝධ කිරීම පහසු නොවන බව ආර්ථික විද්‍යාඥයන්ගේ දැන් මතය වී තිබේ.

වෙළෙඳ පොල විනිමය හුවමාරු අගය(Market Exchange Rates-MER ) මත රටක භාවිත මුදල් ඒකක ඇගයීමට ලක් කරන විට එම මුදල් ඒකකයේ සැබෑ මිලදී ගැනිමේ හැකියාව විද්‍යාමාන නොවන බව දැන් දැන් ආර්ථික විද්‍යාඥයෝ පිළිගනිති.එම ක්‍රමය අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඩොලරයට එරෙහිව යම් රටක මුදල් ඒකකය සැබෑ අගයට වඩා අඩු අගයක් දැක්වීම නොවැලැක්විය හැකි බව විශේෂඥ මතයයි. ජාත්‍යන්තර මුල්‍යය අරමුදලේ ක්‍රමවේදය අනුගමනය කරන අමෙරිකාවේ සී අයි ඒ සංවිධානයද මිළදී ගැනීමේ සාම්‍යය (Purchasing Power Parity -PPP) නම් ක්‍රමවේදය මගින් එක් එක් රටවල ආර්ථිකයන් විශ්ලේෂණය කිරීමටද ආරම්භ කර තිබේ.

ආර්ථික විශේෂඥයන්ට අනුව 2019 වර්ෂයේදී චීන වැඩකරන ජනයා යුආන් ට්‍රිලියන 99ක මුදලක් භාන්ඩ හා සේවා වලින් චීන ආර්ථිකයට එකතු කර ඇත. ඊට සමගාමීව අමෙරිකානු වැඩකරන ජනයා උපදවා ඇත්තේ ඩොලර් ට්‍රිලියන 21.4ක මුදලකි. එක් ඩොලරයක් මිළදී ගැනීමට යුආන් 6.9ක් වැයවන නිසා 2019 වර්ෂයේ චීන දළ දේශීය නිෂ්පාදනයේ අගය ඩොලර් ට්‍රිලියන 14ක් ලෙස ඩොලරයට පරිවර්තනය කිරීමේදී සනිටුහන් වේ. නමුත් අන්වීක්ෂීය විශ්ලේෂණයේදී හඳුනාගන්නට ලැබෙන්නේ එක් යුආනයක් අමෙරිකාව තුළ දී ඩොලරයට එරෙහිව ගනනය කරනවාට වඩා චීනය තුළදී ගනනය කිරීමේදී වැඩි ඩොලර් ගනනක් ලැබෙන බවයි. උදාහරනයක් ලෙස ආර්ථික විද්‍යාඥයන්ගේ ගනනය කිරීම් වලට අනුව “මැක්ඩොනල්ඩ් බිග් මැක් ” එකක මිළ චීනයේදී යුආන් 21.70කි. අමෙරිකාවේදී “මැක්ඩොනල්ඩ් බිග් මැක් ” එකක මිළ ඩොලර් 5.71කි. ඒ අනුව සැබෑ ව්‍යවහාරයේදි අමෙරිකානු ඩොලරයක් මිළදී ගැනීමට වියදම් කළ යුත්තේ යුආන් 3.80ක් බව ආර්ථික විද්‍යාඥයන් ගනනය කර ඇත.

ආර්ථික විද්‍යාඥයන්ගේ ඩොලරයට එරෙහිව යුආනයේ නවතම ගනනය කිරීම් වලට අනුව යුආන් ට්‍රිලියන 99හි පරිවර්තිත ඩොලර් අගය ඩොලර් ට්‍රිලියන 26ක් බවට පත් වේ. ජාත්‍යන්තර මුල්‍යය අරමුදලේ මෙම ගනනය කිරීමට අනුව චීනයේ දළ දේශීය නිෂ්පාදනය අමෙරිකාවේ දළ දේශීය නිෂ්පාදනයට වඩා ඩොලර් ට්‍රිලියන 4.6කින් ඉහළ ගොස් ඇති බව මනාව තහවුරු වේ.

ජීවන්ත ජයතිස්ස,

jeewanthaj@gmail.com

මූලාශ්‍ර https://eurasiantimes.com/imf-admits-china-has-long-overtaken-the-us-as-the-worlds-largest-economy-but-why-is-the-media-silent/

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More