ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය හැර විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) සවස පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ ඇමැතිවරුන්ගේ ඉල්ලීම මතයි.
විගණන පනත සක්‍රිය කිරීම, හදිසි පනත් ලෙස ජාතික ආරක්ෂාවට අදාළ පනත් හැර අනෙකුත් පනත් ගෙන ඒම දින 14ක කාලයක් ලබා ගැනීම, ඇමැති මණ්ඩල සීමාව යන වගන්ති සංශෝධනය කිරීමට ජනාධිපතිවරයාගේ එකඟත්වය ලැබී ඇති බව වාර්තා වෙයි. මේ පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන්, සිවිල් සංවිධාන සහ රජයට සම්බන්ධ පාර්ශ්ව රැසකද විරෝධය එල්ල විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...