දේශීය පුවත්

රැස්වීම් සීමාකර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද නීතිරීතිවලට පටහැනි වන බැවින් 20 වැනි සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක වෙත ඊයේ (19 දා) ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යවන ලද එම ලිපියේ මෙසේද සඳහන් වේ.

කොවිඞ් ආසාදිතයන් රටේ සෑම දිස්ත‍්‍රික්කයකම හෙළිදරව් වී ඇත. එය වසංගතයක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව පෙනෙන්නට තිබේ. පසුගිය අපේ‍්‍රල් මස 22 වන දා පටන් කිහිප අවස්ථාවක කොවිඞ් උවදුර අවසන් යැයි ආණ්ඩුව ප‍්‍රකාශ කළත් එසේ සිදුවී නොමැත. තවද කොවිඞ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති රීති හා රෙගුලාසි ගෙන ඒමට මාස 10 ක් පමණ ප‍්‍රමාද විය. ලෝකයේ අනෙකුත් රටවල් මැයි මාසය වන විට අවශ්‍ය රෙගුලාසි ඉදිරිපත් කරන ලදී. ප‍්‍රමාද වී හෝ රෙගුලාසි ගණනාවක් ගැසට් කරන ලදී. මෙම රෙගුලාසි අනුවම මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක කරන්නේ නම් රැුස්වීම් නිමා කළ යුතුය. දුරස්ථභාවය ආරක්‍ෂා කර ගත යුතුය. එසේ හෙයින්,

1 පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර වේ.

2 රැුස්වීම් සීමාකර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරීතිවලට පටහැනි වේ.

නීති සම්පාදනය කරන ස්ථානයම නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද?

එම නිසා මෙම සතියේ පැවැත්වීමට නියමිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඒ අනුව විපක්‍ෂය ලෙස අප ඉල්ලා සිටින්නේ ඉහතින් දක්වා ඇති කරුණු පිළිබඳව සාකච්ඡුා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය පැවැත්වීම රජය විසින් පනවන ලද නව නීති රීතිවලට අනුකූලව කැඳවන ලෙසය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More