දේශීය පුවත්

මේ වසරේ මෙරට ඩෙංගු වැලඳීමෙන් මියගිය සංඛ්‍යාව, කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගල සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් වැඩි බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි. කොවිඩ් නිසා මේ වන විට මියගිය සංඛ්‍යාව දහතුනක් වන අතර ඩෙංගු වැලඳීමෙන් මියගිය සංඛ්‍යාව තිස් හතරක් පමණ වේ. මෙම හේතුව මත කොවිඩ් වසංගතය මැඬලීම මෙන්ම ඩෙංගු උවදුර මැඬලීම සඳහාද විශේෂ මෙහෙයුමක් දියත් කරන බව ද ඇමැතිවරිය සඳහන් කළාය.

ඇමැතිවරිය මේ බව කියා සිටියේ පෙරේදා (18දා) රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් කුරුවිටදී පැවැති ඩෙංගු මර්දන සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

මෙම වස​රේ මුළු දිවයිනේම ඩෙංගු රෝගීන් 28,221ක් වාර්තා වන අතර, වැඩිම ​ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවලිනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4027ක් වන අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3149ක් වාර්තා වී ඇත.

මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දෙවැනියට වැඩිම රෝගීන් ප්‍රමාණය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. එහිදී කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඒ ගණන 169කි. එම හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිවරියගේ උපදෙස් පරිදි කුරුවිට කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත් කිරීමට කටයුතු යොදා තිබුණි.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් පසුගිය 14 වැනිදා සිට 20 වැනිදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ද ක්‍රියාත්මක විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිවරිය

‘‘කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් දියත් කිරීම වගේම ඩෙංගු වැනි අනෙකුත් රෝගී තත්ත්වයන් ද පාලනයට හා මැඬපැවත්වීමටත්, අනෙකුත් සියලු රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් කටයුතු කරනවා. එම නිසයි​ ඩෙංගු මර්දන සතියක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තීන්දු කළේ.’’

‘‘පසුගිය අවුරුදු දහය දෙස බැලීමේදී ඉතාම අඩු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන වර්ෂය මෙම වර්ෂයයි. 2018 වසරේ ඩෙංගු රෝගීන් 51,000ක් පමණ වාර්තා වුණා. 2019 වසරේ ඩෙංගු රෝගීන් 105,049 ක් වාර්තා වුණා. 2019 වසරේ ඩෙංගු හේතුවෙන් මරණ 158ක් සිදුවුණා. මේ වසරේ වාර්තා වෙන්නේ මරණ තිස් හතරක් පමණයි.

‘‘​ඩෙංගු මදුරු කාර්ය සාධක බලකාය ද විශාල වැඩකොටසක් සිදු කළා. එ ම නිසා රජය විදිහට අපි ඩෙංගු කාර්ය සාධන බලකායේ ඉන්න රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. එසේම සේවය දිගු කරන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළා.’’‘‘අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඔවුන්ගේ ගැටලු, ප්‍රශ්න පිළිබඳ කතා කළා. එම ප්‍රශ්න නිරාකරණය කර දෙන්න කියලා මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. අතිකාල දීමනා පිළිබඳව ගැටලුවක් තියෙනවා. පළාත් සභාවල වැඩ කරන සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය අමතර දීමනා, අතිකාල දීමනා වැනි දේවල් පිළිබඳව මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර මධ්‍යම රජයෙන් පළාත් සභාවට මුදල් ලබාදීමට වහාම ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන වෘත්තීය සමිති පනහකට අධික සංඛ්‍යාවක් මම වරින් වර කැඳවලා ඔවුන්ගේගැටලු විසඳනවා. පහළ ශ්‍රේණිවල ගැටලු විසඳන්නේ නැතිව රටක් ගෙනියන්න බැහැ’’ යැයිද කීවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More