දේශීය පුවත්

මාකඳුරේ මධූෂ් මරුට!

October 20, 2020 7:28 am | Lanka Lead News

පොලීසිය සහ මත් ද්‍රව්‍යය ජාවාරම්කරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පසුව මාකඳුරේ මධූෂ් මරණයට පත් වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අද උදෑසන මාලිගාවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සඟවා තබා ඇති මත්ද්‍රව්‍යය තොගයක් පිළිබඳව තොරතුරු අනාවරනය වීමත් සමඟ මධූෂ්ව රැගෙන කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ නිළධාරින් එම ස්ථානයට ළඟා වී ඇති අතර එහිදි මත් ද්‍රව්‍යය ජාවාරම්කරුවන් පොලීසියට වෙඩි තබා ඇත. එම වෙඩි තැබීම් වලට මාකඳුරේ මධූෂ් සහ අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ නිළධාරීන් දෙදෙනෙකුද ගොදුරු වී ඇති අතර ඉන් මාකඳුරේ මධූෂ් බරපතල තුවාල ලබා ඇති අතර එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.

පොලිස් අපරාධ කොට්ඨාශයේ නිළධාරින් පසුව කළ හෝදිසි කිරීම් වලින් හෙරොයින් කිලෝ 22ක් පිස්තෝල දෙකක් සහ යතුරු පැදියක් අත් අඩංගුවට ගෙන ඇත. පොලිස් නිළධාරින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More