විසිවන සංශෝධනයට ඇතුළත් කර තිබූ වගන්ති 3ක් වෙනස් කිරීමට අද (19) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කොට ඇති බව ආණ්ඩුවට හිතවත් අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කරයි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම, විගණනය සම්බන්ධ කරුණු 19 වන සංශෝධනය අනුව තැබීම සහ හදිසි පනත් ගෙන ඒම සීමා කිරීමට තීන්දු කොට ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සංශෝධන තුනම කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමටද සැලසුම් කර ඇත.
20 වන සංශෝධනයේ තිබූ සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධව සිටි මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේග ඉකුත් දින කිහිපය තුළදීම ප්‍රසිද්ධියේම ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරමින් පෙන්වාදුන් ද්විත්වපුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය විසඳී නොමැති බවද එම වාර්තා වල සඳහන්.
කෙසේ වෙතත් මේ දක්වා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් මේ පිළිඳව සෘජු ප්‍රකාශයක් මේ දක්වා කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...