දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම හදිසියේ සිදු වූවක් නොවන බවත් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත උපදෙස් ලබාදීමට පැය 24කට පෙර මන්ත්‍රීවරයා පිළිබදව සැලකිල්ලෙන් පසුවන ලෙස අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවා වාචික උපදෙස් ලබා දීමක් සිදු කළ බව නීතිපතිවරයා දැනුම් දෙයි.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෙර සූදානමක් වශයෙන් රිෂාඩ් බදුයුදීන් පිළබඳ නිසි පරිදි සුදුසු ආවේක්ෂනයක් සිදු කර පරීක්ෂාවෙන් හා සෝදිසියෙන් සිටින ලෙසට ලබා දුන් එම උපදෙස් මත අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව සහ වැඩබලන පොලිස්පතිවරයා ක්‍රියාත්මක වුයේ නම් මන්ත්‍රීවරයාට මෙසේ පලා යෑමට ඉඩක් නොලැබෙන බවද නීතිපතිවරයා පෙන්වා දෙයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය නීතිපතිවරයා වෙනුවෙන් වැඩිදුරටත් කියා සිටියේ,

නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති වෙත රිෂාඩ් බදියුදීන් ට එරෙහිව කරන ලද අපරාධ විමර්ෂණ සම්බන්ධයෙන් වැඩිදුර ලිඛිත උපදෙස් ලබා දී ඇති බවත් රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් මෙම සිද්ධිය හැරුනු කොට වෙනත් සිද්ධි 10කට අධික සංඛ්‍යාවක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණ කටයුතු කරන බැවින් මේ සියලු විමර්ෂණ ගැන මුදල් විසුද්දි කරන වරද පදනම් කරගෙන වැඩිදුරටත් විමර්ෂන සිදු කළ යුතු බවටත් මනා දැනුමකින් හා පලපුරුද්දකින් යුත් විශේෂ නිලදාරී කණ්ඩායමක් පත් කර අදාල විමර්ෂණ හරියාකාරව කාර්යක්ෂමව සහ විධිමත් ලෙස කඩිනමින් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

බදියුදීන් සැගවී සිටි කාලය තුළදී ඔහුට එසේ සැගවිමට ආධාර අනුබල හා ආරක්ෂාව දුන් පිරිස සම්බන්ධයෙනුත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More