දේශීය පුවත්

තමා තනිවම 19 ට විරුද්ධ වූ අයෙකු ලෙස 19 ඉවත් කරන 20 ට විරුද්ධ වෙන්නේ නැති බවත් ආණ්ඩු පක්ෂයේ යමෙකු විරුද්ධ වන්නේ නම් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාවාදීමක් ලෙස සලකන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි. පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් සරත් වීරසේකර මහතා තවදුරටත් සඳහන් කරන්නේ තමාට ලැබුණු ඡන්ද වලින් 50% ක් ලැබුණේ 19 ට තනිවම මුහුණ දීම නිසා බවය. නමුත් නීති විශාරදයින්ගේ මතය අනුව,

” 19 වැනි සංශෝධනය මේ මඟින් අහෝදි කෙරේ ” යනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හැකියාවන් නැති බවය. යම් සංශෝධනයක් සිදු කිරීමෙන් පසුව එය සමස්ථ ව්‍යවස්ථාවේ කොටසක් වන බැවින් ඊට පසුව ගෙන එන සංශෝධනයක් මඟින් සිදු කෙරෙන්නේ සංශෝධන එකින් එක ගෙන ඉවත් කිරීම, සංශෝධනය කිරීම හෝ එසේම ඉතිරි කිරීම බව ඔවුන්ගේ මතයයි.

ඒ අනුව 19 යේ නරක දේ ඉවත් කොට හොඳ දේ තබා ගැනීමේ බාධාවක් නැති බවය. හොඳ දේ ආරක්ෂා නොකිරීම 19 ට ඡන්දය දීම තරමටම බරපතල වරදක් බවද ඔවුහු පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More