දේශීය පුවත්

ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
අද (19) උදෑසන “අද දෙරණ“ සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවය.

එම හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට ක්‍රියාවලිය සඳහා යොමු කර තිබේ.

“එසේ යොමුකරනු ලැබුවේ අදාළ සැරයන්වරයා, පසුගිය දින කිහිපය තුළ පොලිස් මුරපොළේ රාජකාරී කර ඇති බැවින් පැය කිහිපයක් පොලිස් මුරපොළ රාජකාරි කටයුතු අත්හිටුවනු ලැබුවා. එය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයකට ලක්කිරීමෙන් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා එම පොලිස් මුරපොළේ රාජකාරී කටයුතු නැවත වරක් සවස 6ට පමණ ආරම්භ කළා. විශේෂයෙන් අපි සඳහන් කරන්නේ, කුමන තරාතිරමක කෙනෙක් වුවත්, පොලිස් සේවයේ වුවත්, සෞඛ්‍ය සේවයේ වුවත් සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්න ඕනේ. ඒ අනුව පොලිස් මුරපොළේ සියලු දෙනාම අදාළ නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනු ලැබුවා. ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමටත් නියමිතයි. එම පොලිස් මුරපොළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරනු ලබනවා.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More