විදේශ පුවත්

නවසීලන්තය යළි ජසින්දාට

October 19, 2020 8:14 am | Lanka Lead News

නවසීලන්තයේ ජනප්‍රිය නායිකාව වන ජසින්දා ආඩර්න් පසුගිය 17 වැනි දින පැවැති එරට මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තාය. මේ වන විට නිකුත්ව ඇති මූලික ප්‍රතිඵලවලට අනුව ඇයගේ කම්කරු පක්‍ෂය පාර්ලිමේන්තුවේ ආසන 120 න් 64 ක් දිනාගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මේ ආකාරයෙන් තනි පක්‍ෂයක් එරට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට යන්නේ වසර 24කට පසුව වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කරනු ඇත්තේ නොවැම්බර් මුල් සතියේ බව සඳහන් වේ. ‘විශේෂ ඡන්ද’ යනුවෙන් හැඳින්වෙන, විදේශයන්හි සිටින නවසීලන්ත වැසියන්ගේ ඡන්ද, බන්ධනාගාර සහ රෝහල්වල සිටින අයගේ ඡන්ද ආදිය තවමත් ගණන් කර අවසන් නොමැති බැවිනි.

මෙවර මැතිවරණයේදී අවධානයට ලක් වූ ප්‍රධානම කාරණාව වූයේ කොවිඩ් වසංගතයයි. ආඩර්න් රජය වසංගතය කළමනාකරණය කළ ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රශංසා හිමිව තිබූ බව රහසක් නොවේ. ඉරිදා වනවිට එරටින් වාර්තා වී තිබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,886 ක් පමණක් විය. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 25ක් ලෙසිනි. වසංගතය හේතුවෙන් පනවා තිබූ සියලු සීමාවන්ද මේ වෙද්දී ඉවත් කර ඇත.

දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව සියයට 49ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට ආඩර්න්ගේ කම්කරු පක්‍ෂය සමත්ව සිටියි. අනෙක් ප්‍රධාන පක්‍ෂය වන ජාතික පක්‍ෂය හිමි කරගෙන ඇත්තේ සියයට 27 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. කම්කරු පක්‍ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ලැබී ඇති නමුත් ඔවුන් තවත් පක්‍ෂ කිහිපයක් සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අදහස් කරගෙන සිටින බවටද තොරතුරු පළ වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More