යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (18 දා) පෙරවරුවේ පැවැති රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවන රැල්ලේ මූලාරම්භය විදේශ රටක් විය හැකි බවයි.
එහිදී යුධ හමුදාපතිවරයා පවසා සිටියේ,
‘‘පසුගිය අගෝස්තු මාසයේ කන්දකාඩු කොවිඞ් සම්බන්ධතාවේ අවසාන සොයා ගැනීම කර තිබුණා . ඉන් පසුව අප රටේ සමාජය තුළ කොවිඞ් තිබුණේ නෑ. පසුගිය අපේ‍්‍රල් මාසේ 30 වැනිදා වනවිට කොළඹ ප‍්‍රදේශය ආශ්‍රිත සමාජයෙන් හඳුනාගත් අවසාන කොවිඩ් ආසාදිත පුද්ගලයා සොයාගත්තා. මේ අතර විදේශ රටවලින් ලංකාවට නොයෙක් පිරිස් පැමිණියා. නාවුක කටයුතු ආශ්‍රිත කටයුතු වලට විදේශ රටවලින් පැමිණි 06 දෙනෙක් පෙරේදා දිනයේදීත් කොවිඞ් ආසාදිතයන් බව හඳුනා ගත්තා. ඒ අනුව කොවිඩ් සම්බන්ධයෙන් කිසියම් ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර අදහසක් තවම කියන්න හැකියාවක් නැහැ.’’ යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...