දේශීය පුවත්

මහා සංඝරත්නයේ අනුමැතියෙන් තොරව, මහා සංඝරත්නයට පිටුපා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වන්නේ නම් ඊට පිළිතුරු දීමට ද මෙරට මහා සංඝරත්නය සූදානම් බවට අභයාරාම විහාරාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අනතුරු හඟවයි.

“අපි ජනාධිපතිතුමාට කියනවා 20 ගේන්නෙ නැත්නම් වඩා හොඳයි, 20 ගේනවා නම් මහා සංඝරත්නයේ අනුමැතිය අරගෙන 20 ගේන්න. එහෙම නැතිව යම් යම් දෙනාගේ බලපෑම් මත, හිතුවක්කාරකම් මත, දඩබ්බර ක්‍රියාවන් මත මේ 20 ගේනවා නම් අපි එකඟ වෙන්නෙ නෑ කවදාකවත්.

20 ගේන්න, දුර්වලකම් හදන්න. පිළිගන්න බැරි ඒවා පැත්තකට දාන්න. මහා සංඝරත්නයට පිටුපාලා, මහා සංඝරත්නය කොන් කරලා, මහා සංඝරත්නයේ අවවාද පිළිගන්නෙ නැතුව යමක් ගේන්න සූදානම් නම් මහා සංඝරත්නයත් සූදානම් ඒ සෑම දේකටම පිළිතුරු දෙන්න කියන එක මං මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

සබැදි පුවත් –

අල්ලේ ගුණවංශ හිමි 20 දෝස ගැන ජනපතිට ලියයි (video)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More