මේ ආණ්ඩුවට ඡන්දය ලබා දෙන්නැයි ජනතාවගෙන් බල කර ඉල්ලා සිටි තමන්ට දැන් ජනතාව අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇති නිසා සැබැවින්ම සැඟවිය යුත්තේ රිෂාඩ් බදූර්දීන් මහතා නොව තමන් වහන්සේලා බව සිංහලේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසයි.
“ඇත්තටම මේ වෙලාවෙදි අපට කියන්නට තියෙන්නෙ රිෂාඩ් හිටපු ඇමතිතුමනි, අනේ ඔයා නෙවෙයි හැංගෙන්න ඕනෙ අපියි හැංගෙන්න ඕනෙ. මොකද මේ රටේ මිනිස්සු අපෙන් අහනවා ඔබ වහන්සේලා අපට ඡන්දෙ දෙන්න කියලා බල කර කර කියලා බලයට ගෙනාපු මේ නායකයො, මේ ආණ්ඩු රිෂාඩ්ලා ඉදිරියේදී හැසිරෙන්න මෙහෙමද කියලා. අපට දෙන්න උත්තර නෑ.
ඒ නිසා අනේ රිෂාඩ්, ඔයා නෙවෙයි හැංගෙන්න ඕනෙ අපියි. ඒ නිසා ඔයා එළියට එන්න, අපි හැංගෙන්නම් කියලා තමයි අපට දැන් කියන්න වෙලා තියෙන්නෙ” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...