දේශීය පුවත්

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාව උදා වී තිබේ.

නවසීලන්තයේ උන්මාදය ලෙස සැලකෙන ජසින්ඩා ආර්ඩන් අගමැතිවරියගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇයට මෙම අවස්ථාව උදා විය.

මෙලෙස නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාව බවට පත්වුණේ වනුෂි වොල්ටර්ස් ය.

නවසීලන්තයේ වයඹ දිග ඕක්ලන්ඩ් හී ඉහළ වරාය ප්‍රදේශය ජයගනිමින් මෙලෙස ඇයට පාර්ලිමේන්තු වරම් හිමිවිය.

ජාතික අපේක්ෂකයෙකු ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු තාක්ෂණික විධායක ප්‍රධානියෙකු මෙන්ම හැමිල්ටන් හී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජේක් බෙසන්ට්ව පරාජය කරමින් වනුෂි මෙලෙස නවසීලන්ත පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගත්තා ය.

එහිදී වනුෂි මනාප 14,142ක් ලබාගත් අතර බෙසන්ට් ට ලබාගත හැකිවූයේ මනාප 12, 727ක් පමණකි.

වනුෂි වෘත්තීයෙන් මානව හිමිකම් පිළිබඳ නීතිවේදිනියක වන අතර මානව හිමිකම් කොමිසමේද සාමාජිකාවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More