දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට සම්බන්ධ සියලුම පක්ෂ නායකයන් අද (18) දින ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

අද සවස පැවැත්වීමට නියමිත මෙම රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කොට ඇති බව දැනගන්නට තිබේ.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ සහ ආණ්ඩුවට සම්බන්ධ මහා සංඝ රත්නය විසින් විවේචන රැසක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙම රැස්වීම කැදවා ඇති අතර එහිදී පක්ෂ නායකයන්ට සිය ස්ථාවරය විවෘතව පළකිරීමට අවස්ථාව ලබා දෙනු ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව 20 වන සංශෝධනයට කළ යුතු සංශෝධන පිළිබදව මෙහිදී අවධානය යොමු වනු ඇති බවද දැනගන්නට ඇත.

හෙට (19) දිනයේ යළිත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත අතර අගහරුවාද (20) දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More