පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව සිට එය මගහැරීමක් සිදුනොකළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේය.
ඊයේ පස්වරුවේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ පොලිස් නිලධාරීන් බොහෝ දුෂ්කරතා මැද්දේ රාජකාරී කටයුතු සිදුකළ ද ප්‍රහාරය වළක්වාගැනීමට එය ප්‍රමාණවත් නොවූ බවය.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පොලිසියේ දුර්වලතාවක් හේතුවෙන් සිදුවුයේ දැයි
කොමිසම යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පූජිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළේය.
එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ඒ වනවිට රටේ පැවති දේශපාලන තත්ත්වය මෙන්ම කරුණු කිහිපයක් ද බලපෑ බව හිටපු පොලිස්පතිවරයා කොමිසම හමුවේ පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...