පුරවැසි කොලම

මට පෙනෙන වෙනස

October 18, 2020 8:22 am | Lanka Lead News

යහ පාලන බලවේග සහ වත්මන් ජාතික සංවිධාන අතර අද ඇති වෙනස පිළිබදව කෙටි සටහනක් ” මට පෙනෙන ලෙස ” යයි නම් කරමින් කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා අපවෙත එවා ඇත.යහ පාලනයට හෝ රාජපක්ෂ පාලනය වෙනුවෙන් කිසිදා පෙනී නොසිටි මට මේ කඳවුරු දෙකේ බලවත් වෙනසක් පෙනේ.

යහ පාලනය රැගෙන ආ පුරවැසි බලය, සාධාරණ සමාජය වැනි බලවේග බැදුම්කර මගඩියේ සිට පටන් ගත් යහපාලන මගෝඩි දෙස බලාසිටියා මිස ක්‍රියාකාරී විරෝධයක් නොදක්වන ලදී.විරුද්ධ වූවා නම් නොකර බැරිකමට බොහෝ ප්‍රමාද වී දියාරු ලෙසය.

ගාමිණී වියන්ගොඩ වැන්නන් නියමිතව තිබූ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් රාජපක්ෂලාට වාසි වන බව එලිපිටම කියන ලදී.කවුරු දිනුවත් මැතිවරණ පැවත්විය යුතු යයි කීමට NGO ප්‍රජාතන්ත්‍රවාදීන්ට බැරිවිය.යහපාලන ප්‍රජාතන්ත්‍රවාදීන් යනු ඉතා නින්දිත තහනමකට ලක්කොට පසුව 1989 දී ජවිපෙ සමූලඝාතනය කරන විට ඔවුන් 13 වන සංශෝධනයට විරුද්ධ වූ බැවින් මරා දමන තුරු නිහඩව සිටි පසුව මහින්ද රාජපක්ෂ සමග බොරුවට ජීනිවා ගොස් කෑ ගැසූ සුනිලා අබේසේකර ඇතුලු කල්ලියේ වර්තමාන දිගුවයි.

රාජපක්ෂ කදවුරේ බලවේග 20 වන සංශෝධනය සහ ආර්ථික මංකොල්ලය යන කරුණුවලට ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාන්විත විරෝධයක් නොපමාව නොපැකිලව එල්ල කරයි.ගුණදාස අමරසේකර , ඇල්ලේ ගුනවංශ,බෙංගමුවේ නාලක වැනි එදා ජනතා විමුක්ති පෙරමුණ සමග නොපැකිලව එඩිතරව සිටි චරිත අද වඩාත් අභියෝග කළ නොහැකි නිවැරැදි කරුණු සහගතව 20 වන සංශෝධනයට ප්‍රගතිශීලී කරුණු ද සංකලනය කරමින් ප්‍රමාද නොවී සටනට බැස ඇත.

එක් අයෙක් අතට බලය එක් රැස්වු ජනාධිපති බලයක් “සර්” ට වුවද දීමට විරුද්ධ බව සෘජුව “සර්ටම” ප්‍රකාශ කර සිටී .වසන්ත බන්ඩාර වැන්නවුන් 20 වන සංශෝධනයට පමණක් නොව සුපුරුදු ආර්ථික මංකොල්ලයටද නොපැකිලව ක්‍රියාන්විතව එරෙහිව සිටී.

පාර්ශවයන් දෙක සැලකිල්ලට ගත් කල 89 න් පසු ජවිපෙ ඉදිරියට ගෙන ඒමට (සෝභිත හිමිද සිහිපත් කල යුතුමය) ක්‍රියාන්විතව සිටි ජාතික බලවේග යහපාලන ප්‍රජාතන්ත්‍රවාදීන්ට වඩා අව්‍යාජ සහ නිවැරැදි බවක් ප්‍රකාශ කරන බව මගේ නිරීක්ෂණයයයි.

යහපාලන එන් ජී ඕ ප්‍රජාතන්ත්‍රවාදීන්ට බිම් මට්ටමේ පදනමක් නොමැති මුදල් මත පමණක් රැදෙන පිරිසක් වන නමුත් ජාතික සංවිධාන එසේ නොවේ.

වීරවංශ වැන්නන් ජාතික බලවේග පිරිවරා සිටියත් ස්ථිරවම ආණ්ඩුව ඔවුන් කියන දේ කිරීමට පැම්ණි ආණ්ඩුවක් නොවේ.

අක් මුල් සහිත ජාතික සංවිධානවල භූමිකාව මත ඉදිරි දේශපාලන ගමන් මග තීරණය වන බව පෙනේ.

අරුණ කාන්ත බණ්ඩාර .

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More