අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා මීට දින කිහිපයකට පෙර කොළඹ පිහිටි නීතිඥවරයකුගේ කාර්යාලයට පැමිණ තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකළ රිට් ආඥා පෙත්සමට අදාළ ලියකියවිලිවලට අත්සන් තබා ගොස් ඇත.
මෙම පෙත්සම ඉකුත් 15 වැනිදා සිය නීතිඥවරු මාර්ගයෙන් ඔහු අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබීය.
ඔහු ඇතුළු සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ රජයේ මුදල් සාපරාධී සාවi පරිහරණය හා පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා වන බැවින් අධිකරණ වරෙන්තු නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි බව පසුගිය 13 වැනිදා කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දී තිබිණි.
එකී නියෝග අනුව රිෂාඞ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ 60 කට අධික පොලිස් නිලධාරීන් යොදවා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කොට තිබියදී එම සියලූ පොලිස් නිලධාරීන්ගේ ඇසට වැලි ගසමින් කට්ටි පනිමින් සිටි සැකකාර රිෂාඞ් බදුර්දීන් කොළඹ ඉතා ජනාකීර්ණ ප‍්‍රදේශයක පිහිටි එකී නීතිඥ කාර්යාලය වෙත පැමිණ සිය කාර්යය නිමකර ආපසු ගොස් ඇති බව තතුදත් ආරංචිමාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...