දේශීය පුවත්

ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ලකර ඇති ආන්දෝලනාත්මක ජිනීවා යෝජනාව චීනය, රුසියාව, පාකිස්තානය සහ කියුබාව යන රටවල සහායෙන් අහෝසි කර ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට රජය තීරණ කර ඇත.

2021 වසරේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ බලය, චීනය රුසියාව, පාකිස්තානය, කියුබාව, නේපාලය ඇතුළු නොබැඳි රටවල් 33 කට හිමිවීම නිසා 30/1 යෝජනාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය අවධානය යොමුකර ඇත.

මෙලෙස ශ‍්‍රී ලංකාවට පක්ෂපාතී රටවල මානව හිමිකම් කවුන්සිලයේ බලය හිමිවීම නිසා කොටි ඩයස්පෝරාව, රාජ්‍ය නොවන සංවිධාන සහ ද්‍රවිඩ සංධානය දැඩි කැළඹීමකට පත්වී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිබූ බලය බටහිර රටවල් සහ ඔවුන්ට පක්ෂපාතී රටවල් 13 කින් ඉවත්වී ඇත.

2021 මාර්තු මස පැවැත්වෙන 40 වැනි ජිනීවා සැසිවාරයේදී ජිනීවා යෝජනාව කඩ නොකිරීම ගැන බටහිර රටවල් පහක් ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ නිර්දේශ ගෙන ඒමට සැලසුම් කර තිබුණ ද මෙවර බටහිර බලය ඉවත්වීම නිසා එම සැලසුම ව්‍යර්ථ වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More