සඟවා තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා වී තොග රාජසන්තක කර වෙළෙඳපොළට මුදා හරින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.පාරිභෝගික පනතින් ඒ සඳහා ප්‍රතිපාදන ලැබී ඇති බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි.
අතරමැදියන් විසින් සඟවා ගෙන ඇති වී තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක් ආරම්භ කර ඇත.
එම වැටලීම්වලට අනුව මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සඟවා තිබූ වී කිලෝ ලක්ෂ එකළොහක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස වී සඟවා ගෙන තිබූ පුද්ගලයන්ට වත්මන් රජයේ උතුරු මැද පළාතේ දේශපාලනඥයකු රැකවරණය ලබා දී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මහා පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ වී කිලෝග්‍රෑමයක මිල රුපියල් 63 දක්වා ඉහළ යෑම නිසා පාලන මිලට සහල් ලබා දිය නොහැකි බවයි. එම නිසා වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ ගොස් තිබේ. අතරමැදියන් වී ගබඩා කිරීම නතර කළ පසු සහල් මිල අඩු කළ හැකි බව මහා පරිමාණ වී මෝල් හිමියන් පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...