දේශීය පුවත්

අද (17) වන විට පුද්ගලයින් 53,395 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 9,415 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 86ක් තුළ නිරෝධායනය වෙමින් සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර මේ වන විට මෙරට තුළ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 373,534ක් බව සඳහන් කරන එම මධ්‍යස්ථානය ඊයේ (16) දිනය තුළ පමණක් මෙරට තුළ සිදුකර ඇති පී.සි.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 7,675ක් බව පෙන්වාදෙයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කොළඹ සහ අවට ප්‍රදේශවල අහඹු ලෙස පී.සි.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ කටයුතු අද (17) දිනයේත් සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

ඒ අනුව අද දිනයේදීත් කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ පී.සි.ආර්. පරීක්ෂණ සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළාය.

මේ අතර මේ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින්ගේ සමීපතමයින් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සියලු සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට පී.සි.ආර්.පරීක්ෂණයකට ලක් කර ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More