මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සෞඛ්‍ය අංශයේ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඊට පොලිස් නිලධාරීන්ගේ සහය හිමිව ඇති බව ද ඒ මහතා සදහන් කළේය.
අද (17) කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.
මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය කඩකල පුද්ගලයින් 200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...