දේශීය පුවත්

නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ
වාට්ටුව හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව, හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොළොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුළත්
කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම පොළොන්නරුව මහ රෝහලේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය 42කු
නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකිරීමට ද
පියවර ගෙන ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුර 1900 සීමාව
ඉක්මවා ගොස් තිබේ.

ඒ, ඊයේ (16) දිනයේ අවසන්වරට හඳුනාගැණුනු ආසාදිතයින් 49 දෙනා ද සමගය.

මෙම ආසාදිතයින් 49 දෙනා අතුරින් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති
අතර අනෙක් 14 දෙනා ඇඟලුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1901ක් බව කොවිඩ්
නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙම පිරිසෙන් පුද්ගලයින් 1041 දෙනෙකු එම ඇගලුම් කම්හලේ සේවකයින් වන අතර අනෙක්
පුද්ගලයින් 860 දෙනා එම කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව ද එම මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනය තුළ පමණක් එම ආසාදිත පොකුරෙන් හඳුනාගැණුනු ආසාදිතයින් ගණන 110කි.

මේ අතර, මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 5354 දක්වා ඉහළ ගොස්
තිබේ.

ආසාදිතයින් 1956 දෙනෙකු රෝහල් 16ක පුර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සමස්ථ ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 3385 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More