දේශීය පුවත්

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදාගනිමින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට අනාවරණය විය.

එමෙන්ම පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3 ක් යටතේ ප්‍රහාරයන් රැල්ලක් සිදුකිරීමට සූදානම් වී සිටි බවට අත්අඩංගුවට ගත් සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව ද මෙහිදි අනාවරණය වී ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ලබාදුන් සාක්ෂිවල දී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ඊයේ (16) සාක්ෂි ලබාදුන්නේය.

2019 වසරේ මාර්තු මාසය වන විට ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම් සහ නවුෆර් මවුලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හටගෙන ඇති බව අදාළ නිලධාරියා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

එම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගැණුනු සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදුකරනු ලැබු ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වූ බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More