දේශීය පුවත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය විරුද්ධ වන බව එහි සභාපති හිටපු කතා නායක කරු ජයසූරිය මහතා පවසයි.

තමන්ගේ යෝජනාව වන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොව රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා කැපවිය යුතුය යන්න බව යැයි ජයසූරිය මහතා වැඩිදුරටත් කීය.

වත්මන් ජනාධිපතිතුමා එතුමාට ලැබුණු ලක්ෂ 69ක ජනවරම තුළ ක්‍රියා කිරීම සාධාරණ වුවත් විපක්ෂයටද ඡන්ද ලක්ෂ 62ක් ලැබී ඇතැයි කියූ ජයසූරිය මහතා මෙබඳු සංශෝධනයක් නොමැතිව වත්මන් ජනාධිපතිවරයා කොවිඩ් වසංගතය හා කුඩු පාතාලය මර්දනය කිරීමට ප්‍රශස්ථ වැඩකොටසක් කළ බවද සඳහන් කළේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ අගතියක් බව පැවසූ හෙතෙම අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නේ නම් ජනාධිපතිතුමාට ඒ සඳහා පූර්ණ සහය පළකරන බවද ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More