දේශීය පුවත්

කෑගල්ලේ ගම් 5ක් වහයි

October 16, 2020 9:38 pm | Lanka Lead News

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක් සඳහා තාවකාලිකව සංචරණ සීමා පැනවූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

එලෙස තාවකාලිකව සංචරණ සීමා පැනවීමට කටයුතු කළ ගම්මන වන්නේ ‘ ඊරියගොල්ල, ඇඹුල්අඹේ, පිංහේන, අලවත්ත, බොරළුව, කිරිවල්ලාපිටිය යන ගම්මාන 6 යි.

රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බව වෛද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

රඹුක්කන ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය කලගෙඩිහේන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවක් බව හෙළිවී ඇත.

එම කාන්තාවගේ හා සම්බන්ධ ආශ්‍රිතයින් රැසක් සිටිය හැකි බවට පවතින සැකය හේතුවෙන් අදාළ ආශ්‍රිතයින් හඳුනාගැනීම පහසු කිරීමට එම තීරණය ගෙන තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොවිඩ් -19 රෝගීන් 15 දෙනෙකු වාර්තා වී තිබේ. දිස්ත්‍රික්කය පුරා 636 දෙනෙකු නේවාසික නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේ සමාජය අතරින් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමටද කටයුතු කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More