දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටියි.

මේ හේතුවෙන් එම මාධ්‍ය හමුවට එක්වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේවන විට සෞඛ්‍ය අංශ වෙත ලබාදී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රථිපල ලැබෙන තෙක් එම මාධ්‍ය හමුවට සහභාගිවූ සියලු මාධ්‍යවේදීන්ට බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස් වලට වී රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More