දේශීය පුවත්

කොරෝනා දෙවැනි රැල්ල මතුවීමට හේතුව ආණ්ඩුවේ දැනුවත් කිරීම් අත්හැරීම සහ මහජනතාව තුළ අධිතක්සේරුවක් ඇතිවීමට හේතුවන ප‍්‍රචාරයන් සිදු කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා රජයට චෝදනා කරමින් සඳහන් කළේය.

අවදානම අතහැර සිටි ආණ්ඩුව කොවිඞ් ව්‍යාප්තියේ වගකීම භාරගත යුතු බවත් හෙතෙම අවධාරණය කර කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා  එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද කියා සිටියේය.

පසුගිය මාර්තු මාසයේ ලංකාව තුළ සීග‍්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා උවදුර නිසා ජනතාව බරපතළ පීඩාකාරී තත්වයකට පත්වුණා. එය මර්දනය කිරීමට විවිධ මෙහෙයුම් දියත් කරනු ලැබුවා. පසුගිය කාලය පුරාම කොරෝනා සම්බන්ධ අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව ජනතාවට හැඟී යන ආකාරයට ආණ්ඩුව ක‍්‍රියා කළා. ඇත්තටම අවදානම සම්පූර්ණයෙන්ම පහව ගියේ නැහැ. ආණ්ඩුව කොරෝනා පාලන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හැරියා. දෙවන රැුල්ල මතුවුණේ ඒ නිසයි.

මාධ්‍ය මගින් පවා නිතර ප‍්‍රචාරය කළේ ලෝකයේ කොරෝනා මර්දනය කළ දෙවන රට බවට ලංකාව පත්වී ඇති බව. මේ නිසා කොරෝනා මර්දන බළකායේ ප‍්‍රධානියා පවා පස්සෙදි කීවේ සියලූ අංශ අධි තක්සේරුවක සිටිය බව. දින කිහිපයකට කලින් ලෝකයේ දෙවැනි තැනට කොරෝනා මර්දනය කළ රට හැටියට පුරාජේරු ගැහුවට ඒ තුළම දෙවැනි රැල්ලත් ආවා. පාලනය කළා යැයි උදම් ඇනීම අධිතක්සේරුවක් බව ඒ මගින් ඔප්පු වුණා. තත්ත්වය දැන් පෙරටත් වඩා භයානකයි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ භීතිය තත්පරයෙන් තත්පරය පැයෙන් පැය වැඩිවෙනවා. ඒ වගේම රට පුරා ව්‍යාප්ත වෙනවා. මුළු රටේම අනතුර පැතිරී ව්‍යසනකාරී තත්වය මතුව තිබෙනවා.

බ‍්‍රැන්ඩික්ස් සේවිකාවගෙන් අහම්බයෙන් මේ තත්ත්වය හෙළිවූ බව සනාථ වී තිබෙනවා. ආණ්ඩුවේ මාධ්‍ය මෙන්ම විවිධ මාධ්‍ය ආයතන මේ සේවිකාව අපහාසයට, උපහාසයට පත් කරමින් ඇය පිට වරද පටවා අත සෝදාගන්න උත්සාහ කළා. නමුත් චෝදනාව එල්ල විය යුත්තේ අවදානම අතහැර දමා සිටි ආණ්ඩුව පැත්තටයි. නමුත් මේ මතුවී තිබෙන කොරෝනා රැල්ලේ ඇය පළවැනියා නොවන බව සෞඛ්‍ය අංශ හෙළි කළා. බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ආයතනය තුළ පැනඩෝල් දීලා ඒ අයගෙන් වැඩ අරගෙන තිබෙනවා. මේ ආයතනය තුළට වෛරසය ගියේ කොහොමද කියන එක අදටත් හොයාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. ආයතනයේ සේවකයන් මේ සම්බන්ධයෙන් විවිධ මත පළකර තිබෙනවා.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 348 දෙනෙක් ඉන්දියාවේ වැඩකර ලංකාවට පැමිණි බව සනාථ වී තිබෙනවා. ඔවුන් විවිධ තැන්වල සිට නිරෝධායනයට ලක්වූ බව කියනවා. නමුත් මෙ අය අතරින් අන්තිමට පැමිණි කණ්ඩායම මුල් දින 14ක් තුළ පෞද්ගලික හෝටල්වල නිරෝධායනය වී තවත් දවස් 14ක් නිවාස තුළ නිරෝධායනය වූ බව බ‍්‍රැන්ඩික්ස් ආයතනය විසින්ම පිළිගෙන තිබෙනවා. නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියන්නේ ඔවුන් යටතේ එවැනි පිරිසක් අධීක්ෂණය නොවූ බවයි. මේ නිසා ඉන්දියාවේ සිට පැමිණි සේවක සේවිකාවන් හරහා මේ වෛරසය පැමිණියාද නැත්නම් ලංකාව තුළම තිබිලා බ‍්‍රැන්ඩික්ස් ආයතනය තුළින් හෙළිවුණාද කියන ප‍්‍රශ්නය තවම විසඳුනේ නැහැ. දැනට ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ කෙරෙමින් තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More