ලොකු ලූණු සඳහා පනවා තිබූ ආනයන බද්ද ඉවත් කිරීමත් සමග ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේ ලොකු ලූණු වගා කළ ගොවීන් සිය අස්වැන්න අළෙවි කර ගැනීමට නොහැකිවීමෙන් අසීරුතාවට පත්ව තිබේ.
මේ අනුව ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේ ගැටලාව, දුටුවැව, නිකවැව, මයිලගස්වැව ඇතුළු ප‍්‍රදේශවල ගොවීන් පසුගිය කන්නයේ විශාල වශයෙන් ලූණු වගා කර ඇති අතර මේ වන විටත් එම අස්වනු නෙළමින් පවතී.
මෙවර ලූණු වගාව සඳහා ගොවීන්ට බීජ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවූ බවත්, නිසි වෙලාවට පොහොර, තෙල් ලබා ගැනීමට නොහැකි වූ නිසා අස්වැන්න නෙළීම අපහසු වූ බවත් පෙන්වා දෙන ගොවීන් සඳහන් කර සිටින්නේ ලූණු කිලෝවක නිෂ්පාදන මිල රුපියල් අසූපහකට වැඩි බවත්,
රුපියල් සියයක මුදලකට වෙළෙදෙපොළට අලෙවි කිරීමට සිදුවීමෙන් තමන් මහත් අපහසුතාවට පත්ව සිටින බවත් ය.
එමෙන්ම ගලෙන්බිදුණුවැව ගොවීන් ලූණු කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප‍්‍රමාණයක් සිය නිවෙස්වල තබා ගනිමින් සිටින අයුරු ද අපට දක්නට ලැබිණ. ඒ අනුව තමන්ගේ අස්වනු සඳහා නිසි මිලක් ලබා දෙන මෙන් ගොවි ජනතාව ඉල්ලා සිටිති. එමෙන්ම රුපියල් දෙසිය විස්සක පමණ මුදලකට ලොකු ලූණු මිලදී ගත් වෙළෙඳුන් ද මේ වන විට අසීරුතා රැසකට මුහුණදී ඇති බව වෙළෙඳසල් හිමියන් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...