ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා චීනය ණය උගුලක් අටවා ඇති බවට ඇමරිකාව කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පෙරේදා (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කර ඇත.
‘‘ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ඉදිකිරීම හා සංවර්ධනය සඳහා චීනය විශාල දායකත්වයක් ලබා දී තිබේ. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය පුළුල් ලෙස සංවර්ධනය කිරීම වැනි ‘‘බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේෂන්’’ (බී.ආර්.අයි) යටතේ ඇති ප්‍රධාන සහයෝගිතා ව්‍යාපෘති ඒකාබද්ධව ඉදිකිරීමට, ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව සෑම උත්සාහයක්ම දරයි. මෙම ව්‍යාපෘති ඔස්සේ රටවල් දෙකම ඉහළ මට්ටමකට ගෙන යන අතර දෙරටේ ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභයක් ලැබෙනු ඇත. මේ දක්වා ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ හවුල්කරුවකු කිසිදු ඊනියා ණය උගුලකට හසු වී නැත. ඒ වෙනුවට බොහෝ හවුල්කරුවෝ ඒ පිළිබඳව බොහෝ ඉහළින් කතා කරයි.’’
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මෙම ප්‍රකාශය කෙළේ පෙරේදා (14 වැනිදා) පැවැති දිනපතා ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...