දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා ඊයේ (15) දින පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

අරලියගහ මන්දිරයේ පැවැති මෙම හමුවේදී දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේදී සහයෝගීතාව ඇතිකරගත හැකි ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

මුලික වශයෙන් මෙම හමුව පසුගිය මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර අන්තර්ජාලය ඔස්සේ පැවැති සමුළුව පිළිබඳව පසුවිපරමක නිරතවීම අරමුණ වී තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත අග්‍රාමාත්‍යධූරයට පත්වීමෙන් පසු ද්වීපාර්ශික සාකච්ඡාවක් ලෙස අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් පැවැති පළමු සමුළුව පිළිබඳව දෙරටේම නායකයන්  අතිශය සතුටට පත්වූ බව මෙම හමුවේදී හෙළිවිය.

සැමට සුරක්ෂිත පානීය ජලය සැපයීම මෙන්ම සනීපාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බව මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

පාසල්වල ජල අවශ්‍යතා, සනීපාරක්ෂක අවශ්‍යතා, වැසි ජලය එක්රැස් කිරීම, දුෂ්කර ජීවන තත්ත්වයන් පවතින ප්‍රදේශවල වැසිකිළි තනාදීම සහ අපද්‍රව්‍ය පොහොර බවට පරිවර්තනය කළ හැකි ව්‍යාපෘති ඇතුළුව දෙරට අතර සහයෝගයෙන් ක්‍රියාත්මක කළ හැකි ක්ෂේත්‍ර කිහිපයක ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහකොමසාරිස්තුමා මෙහිදී අවධානය යොමු කළේය.

නිදන්ගත වකුගඩු රෝග පිළියම් යෙදීම ඇතුළුව රටේ ඇතැම් ප්‍රදේශවල පවතින සුරක්ෂිත පානීය ජලය නොමැතිකම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අවධානය යොමු වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

සෑම නිවසකටම පානීය ජලය සැපයීම අරමුණු කරගත් ඉන්දීය රජයේ වැඩපිළිවෙළ වන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ “ජාල් ජීවන් මෙහෙවර – Jal Jeevan Mission” (ජීවිතය උදෙසා ජලය – Water for Life Mission) වැඩසටහන සමඟ දෙරට අතර ද්විපාර්ශවීය සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති බව මහ කොමසාරිස් බාග්ලේ  මැතිතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පානීය ජලය නොමැතිකම විශේෂයෙන් බරපතළ ගැටළුවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා ලබා දිය හැකි සහය පිළිබඳව සොයා බලන ලෙස මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.

මෙරට ඖෂධ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ සොයා බලා ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා නිෂ්පාදන පහසුකම් ඇති කිරීමට ඉන්දීය අයෝජකයන් දිරිමත් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More