ව්‍යාපාරික පුවත්

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ වාසිය සිල්ලර හා තොග වෙළෙඳසල්වලින් පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව පිටකොටුව තොග ආනයනකරුවන්ගේ සංගමය වෙළෙඳ අමාත්‍යාංශයට පෙරේදා (14 වැනිදා) දැනුම් දී තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශය සහ තොග ආනයනකරුවන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාවකදී ආනයනකරුවන් පෙන්වා දී ඇත්තේ අඩු කළ භාණ්ඩ අතර මීට පෙර ආනයනය කරන ලද තොග පවතින බැවින් ඒවා අඩු මුදලකට ලබාදීමෙන් පාඩු ලබන බවයි.

ආනයන බද්ද අඩු කිරීම නිසා ටින් මාළු රුපියල් 200කටද, සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85කටද, බී ලුනු කිලෝග්‍රෑමයක් රුපියල් 100කටද, අලෙවි කළ යුතු බව ජනාධිපති කාර්යාලය පෙරේදා (13 වැනිදා) නිවේදනය කළේය.

කෙසේ වෙතත්, ආනයනකරුවන්ගේ සංගමය මෙම භාණ්ඩ ප්‍රකාශිත මිල ගණන් යටතේ අලෙවි කිරීමට නම් සහනයක් අවශ්‍ය බව අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. තවද අඩු වූ බදු සහනය යටතේ සීනි ආනයනය කිරීමට සතියක කාලයක්ද, සැමන් ආනයනය කිරීමට මාසයක කාලයක්ද පරිප්පු ආනයනයට සති තුනක කාලයක්ද, බීලුනූ ආනයනයට සති තුනක කාලයක්ද ගත වන බව ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දුන් බව එහි ලේකම් එම්. ඉමලනාදන් පැවැසීය. බීලුනු තොග තුර්කිය, ඉරානය, ඔස්ට්‍රියාව සහ නෙදර්ලන්තයෙන් ආනයනය කළ යුතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. මේ අතර මිල අඩු කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෙරේදා (14 වැනිදා) පෙරවරු හතේ සිට ඇතැම් ශාඛා අසල පාරිභෝගිකයන් රැඳී සිටී බව ස.තො.ස. සමාගම පවසයි. කෙසේ වෙතත් ලංකා ස.තො.ස. සමාගමද මීට කලින් මිලදී ගත් මෙම භාණ්ඩ තොග පාඩු ලබමින් අලෙවි කරන බවද වාර්තා වෙයි.

දිවයින පුරා ලංකා ස.තො.ස. ශාඛා 415ක් ක්‍රියාත්මකය. සෑම ශාඛාවකින්ම එක් පාරිභෝගිකයකුට මිල අඩු කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තුන බැගින් සහ සැමන් ටින් තුන බැගින් අලෙවි කෙරේ.

එම ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇතැම් සිල්ලර වෙළෙඳසල්වල හිමිකරුවන් සහ සහායකයන්ද පැමිණ සිටි බව ලංකා ස.තො.ස. නිරීක්ෂණය කර ඇත.

මෙම ගැටලු සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවේදී පෙරේදා (14 වැනිදා) පස්වරුවේ සාකච්ඡා කිරීමටද නියමිතව තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More