දේශීය පුවත්

අතරමැදියන් ගබඩා කර ඇති වී තොග සොයා ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වැටලීම්වලදී අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ ගබඩා කර තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (15 වැනිදා) සොයා ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මාස හයකට පෙර මිලදී ගන්නා ලද කීරි සම්බා වී කිලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් මෙහි තිබූ අතර එම වී අඩු මුදලකට මිලදී ගෙන ඇති බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය විය. මෙම වී ගබඩාව අසල වී සහල් කිරීමේ සංකීර්ණයක්ද ඇති අතර එය 2017 වර්ෂයේ ලියාපදිංචි කර ති​බේ. එම ස්ථානයේ වී සහල් කරන බව පවසා මෙලෙස වී ගබඩා කර ඇති බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පැවැසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අනුරාධපුර මීගලෑව ප්‍රදේශයේදී ද වී ගබඩාවක් වටලා වී කිලෝග්‍රෑම් ලක්ෂයක් පෙරේදා (14 වැනිදා) සොයා ගත්හ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More