ව්‍යාපාරික පුවත්

රුසියාව නුදුරේදීම සර්බියාව, කියුබාව සහ ජපානය සමඟ මගී ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව එරට විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, මෙම රටවලට ගුවන් ගමන් නොවැම්බර් 1 සිට විවෘත කළ හැකිවනු ඇති බව එරට ආරංචි මාර්ග වල දැක්වේ. එහිදී මොස්කව් සිට සර්බියාව (Belgrade) සහ කියුබාව ( Cayo-Coco සහ Santa Clara) වෙත ගුවන් යානා සතියකට දෙවරක් පියාසර කරනු ඇත.

මීට අමතරව, රුසියාවේ සිට ස්විට්සර්ලන්තය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බෙලරුසියාව දක්වා ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමටද රුසියාව පියවර ගෙන තිබේ.

තවද රුසියානු සංචාරකයින් සඳහා සර්බියාව විවෘත කරන බව ඔක්තෝබර් 13 වන දින ප්‍රකාශයට පත්කර ඇත. අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් සම්පාදනය කරන ලද ලැයිස්තුවට අනුව රුසියාව, “සීමා රහිත” (not restrictive) කාණ්ඩයට ද ඇතුලත් කරගෙන තිබේ. රුසියාවට අමතරව මෙම ශ්‍රේණිගත කිරීමට මෙක්සිකෝව, තුර්කිය, බ්‍රසීලය, ඇල්බේනියාව, ඇෆ්ගනිස්ථානය, හයිටි සහ උතුරු මැසිඩෝනියාව ඇතුළත් වී තිබේ.

වර්තමානයේදී තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්යය, මාලදිවයින, ඊජිප්තුව, ටැන්සානියාව, බෙලරුස්, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය රුසියානු සංචාරකයින් සඳහා විවෘත ව පවතී.

මූලාශ්‍ර news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More