ප‍්‍රධාන පුවත්

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පසුගියදා රූපවාහිණී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් COVID-19 ඉහළ මට්ටමක පවතින පැරිසියේ සහ ප්‍රංශයේ අනෙකුත් නගරවල ඇඳිරි නීතිය පනවා ඇති බව නිවේදනය කළේය.

මේ අනුව පැරිස්, ලියොන්, මර්සෙයිල් සහ තවත් නගර කිහිපයක රාත්‍රී 9:00 සිට උදෑසන 6:00 දක්වා ගමනාගමනය සීමා කර තිබේ. තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ප්‍රංශ ජනපති මැක්‍රෝන්, තම රට වසංගතයේ දෙවන රැල්ලට මුහුණ දී සිටින බව පැවසුවේය.

අත්‍යවශ්‍ය හේතුවක් නොමැතිව මහා මාර්ග වල රැඳි සිටීම වැලැක්වීමට ඩොලර් 135 ක හෝ ඊට වැඩි දඩ මුදලක් නියම කිරීමට එරට රජය බලාපොරොත්තු වේ. කෙසේවෙතත්, රාත්‍රියේ, උදේ පාන්දර හෝ සවස් වරුවේ වැඩ කරන පුද්ගලයින්ට පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි පොදු ප්‍රවාහනය දිගටම ක්‍රියාත්මක වන බවත් කලාප අතර ගමන් කිරීම සඳහා කිසිදු සීමාවක් නොමැති බවත් ප්‍රංශ ජනපති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. එසේම පාසල්, සාප්පු හා සමාජ ආයතන වසා දැමීමට තවමත් කිසිදු සැලසුමක් එරට රජයට නොමැති බවත් එම නිවේදනවල දැක්වේ.

කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනුව ප්‍රංශය ලෝකයේ දහවන ස්ථානයේ සිටී. COVID-19 ආසාදනය වූ රෝගීන් 840,000 කට වැඩි ප්‍රමාණයක් රට තුළ අනාවරණය වී ඇති අතර 33,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. පසුගිය වසන්ත ඍතුවේ දී ප්‍රංශය තුළ මාස කිහිපයක් තිස්සේ වසංගත තත්වය පාලනය වී තිබුණ ද , ජූලි මාසයේ සිට, හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව නැවතත් වැඩි වීමට පටන් ගත්තේය. ඔක්තෝබර් 13 වන දින ප්‍රංශය තුළ නව රෝගීන් 22 දහසකට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ප්‍රංශ ජනාධිපති අවසාන වශයෙන්, මෙවන් දුෂ්කර අවස්ථාවක කලබල වී, වසංගත පාලනය තමන් වෙතින් ගිලිහී යාමට තම රජය ඉඩ නොතබන බවට ජනතාවට පොරොන්දු විය.

මුලාශ්‍ර news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More